/ Jun 21, 2025

බීලා වාහන එළෙව්වාම ලක්ෂ 5ක් දඩ කතාව ඇත්ත ද?

බීමතින් රිය පැදවුවහොත් අද (21) දින සිට රුපියල් ලක්ෂ 5ක දඩයක් සහ වසර දෙකක සිර දඬුවමක් නියම කරන බවට සමාජ ජාලාවල පළ වන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

මෙය අසත්‍ය ප්‍රචාරයක් බවත් එවන් නීතියක් මෙතෙක් ක්‍රියාත්මක නැති බවත්ය පවසන පොලිසිය මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත් කියා සිටී.

කෙසේ වෙතත්, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ, මත්පැන් පානය කර රිය පැදවීම බරපතල වරදකි. දැනට පවතින නීතිමය විධිවිධානවලට අනුව වරදේ බරපතලකම සහ අධිකරණයේ අභිමතය පරිදි දඩ මුදල් නියම කළ හැකිය. බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට සිර දඬුවම් ද නියම කළ හැකිය. වරදකරුවෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට හෝ ස්ථිරවම අවලංගු කිරීමට අධිකරණයට බලය ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top