2026 අයවැය හැදෙන්නෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත වුවත් බදු සම්බන්ධයෙන් ජනතාවට විශාල පීඩනයක් නොදීම යහපත් තත්ත්වයක් බව අයවැය පිළිබඳ අදහස් දක්වමින් වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පැවසීය.
කෙසේවෙතත් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත වෙත වෙන්කර තිබෙන බිලියන 5.9 ක ප්‍රමාණය තවදුරටත් වැඩි විය යුතුව තිබූ බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
අයවැයට දිගුකාලීන ඉලක්ක ඇති බව පෙනෙන්නට තිබෙන අබවත් ඉදිරියේදී ණය ගෙවීමට ඇති නිසා ඩොලර් අදායම වැඩිකරගත යුතුව තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.
මේ අතර වතුකරයට වටුප්වාදී කිරීම, රාජ්‍ය සේවයට වැටුප් වැඩි කිරීම සිදුව ඇති බවද මහාචාර්යවරයා කියාසිටියේය.
”මේ රජයට තියෙන වාසි තමයි වෘත්ති සමිතියට නායකයෝ ඔක්කොම කැබිනට් එකේ ඉන්නෙ ඒ නිසා ඔවුන්ට විරෝධා එන්න තියෙන ප්‍රවණතාවය අඩුයි.
අයවැය කියන්නේ සහනාධාර දෙන ලේඛනයක් නෙවෙයි. ගිය අවුරුද්දේ රජය පඩි වැඩි කරා. මේ අවුරුද්දෙත් බිලියන 120 ක් වෙන් කරලා තියෙනවා. රජය සේවකයන් සතුටු වෙන්න පුළුවන් දෙවෙනි පඩි වැඩිවීම මේ අවුරුද්දේ ලැබෙනවා. ඒක හොඳයි. රාජ්‍ය සේවය නඩත්තු කිරීම අපිට ලොකු පීඩනයක්.
ගුරුවරු වෛද්‍යවරු හිඟයට බදවා ගත්තට කමක් නෑ. මේක සංවර්ධන අයවැයක්ද නඩත්තු අයවැයක්ද කියලා රජය හිතන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රේම්වර්ක් එකෙන් ඉදිරියට ගිහිල්ලා නෑ මේ අවැයත්.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.





