ඊශ්රායලයේ සේවයේ නිතර මෙරට තරුණයින් පිරිසක් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ඊශ්රායලයේ Kiryat Malakhi නම් ප්රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර ලක්ව ඇති අතර ඒ අවස්ථාවේදී එහි ශ්රී ලාංකිකයන් 20ක් ගමන් කරමින් සිට ඇත.
බස් රථය ගිනිගැනීමත් සමඟ එහි දොර අවහිරවී ඇති අතර, ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී තිබේ.
එක අයෙකුගේ පාදයක් තුවාල වී ඇතත් තත්වය බරපතළ නැති බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.