සති දෙකකට වැඩි කාලයක් පුරා පැවති බිහිසුණු සිදුවීම් ගණනාවකින් පසු ලෝකය ආරක්ෂිතව සිටිනු දැකීම ගැන අතිශයින් සතුටු විය හැක. ලොව පුරා සිටින ජනතාව, සිදුවෙමින් පවතින දේ මෙන්ම තීරණාත්මකව ඊළඟට සිදුවිය හැකි දේ පිළිබඳ විමසිලිමත්ය. මගේ නිගමනය නම්, යුධ උණුසුම තවමත් අවසන් වී නැති බවයි. ඊශ්‍රායල සියොන්වාදී පාලනය පවතින තාක් කල් මෙය අවසන් වේ යැයි කිව නොහැක.
මානව වර්ගයාගේ තවත් කොටසක් පහත් ලෙස දකින, වාර්ගික ආධිපත්‍යවාදී පාලනයක් පවතින තාක් කල්, මෙම කලාපයේ කිසි විටෙකත් සාමයක් ඇති නොවන අතර මිනිසුන් කිසි විටෙකත් මෙය ඉවසන්නේද නැත. මෙම ම්ලේච්ඡ ජන සංහාරයට සහ මැදපෙරදිග බටහිර ඉවුරේ අප දැන් දකින ම්ලේච්ඡ ජනවාර්ගික අතුගා දැමීමට එරෙහිව නැගී සිටින කලාපයේ ජනතාව, ඉරානය පළමු වටය ජයග්‍රහණය කළ බව ප්‍රකාශ කරයි. ඊශ්‍රායල ප්‍රහාරය මගින් බොහෝ හමුදා ප්‍රධානීන්, විද්‍යාඥයින් සහ උගත්තු ඉලක්ක කර ඝාතනය කර, දරුවන් ඇතුළු අහිංසක මිනිසුන් බොහෝ දෙනෙකු, ලොව ජනතා විරෝධයද නොතකා මරාදැමීය. එක් පුද්ගලයෙකු මරා දැමීම සඳහා කුඩා දරුවන්, කාන්තාවන් සහ ඔවුන්ගේ අසල්වැසියන් මෙන්ම, මුළු මහල් නිවාස ගොඩනැගිලි සංකීර්ණ විනාශ කළේ, එය අහිංසක පුද්ගලයින්ට එරෙහිව සිදු කරන ලද අමු ම අමු මිනීමැරුම් ලෙසිනි.
පළමු පැය කිහිපය තුළ ඔවුන් ලබා ගත් බව කියන සම්පූර්ණ ජයග්‍රහණය දැකීමට ඊශ්‍රායලයේ ඉහළ අණදෙන නිලධාරියාට දින 12 ක් පමණ ගතවී ඇත. මෙම දින 12 යුද්ධය අවසන් වූයේ ඊශ්‍රායලයේ යුද අරමුණු තුනෙන් එකක්වත් ඉටු නොවීමෙනි. ඉරාන ජනතාවට පහර දුන් නමුත්, ඉරානය නැවත සංවිධානය විය. සන්නද්ධ හමුදා වඩාත් ශක්තිමත් ලෙස පෙළ ගැසුණි. ඉරාන ජාතිකයන් කවදාවත් දැක නැති තරම් එක්සත්කමක් පෙන්නුම් කළේය. එය ඉරානයට එරෙහිව බටහිර පිටුපස සිට මෙහෙයවූ, සදාම් හුසේන්ගේ ආක්‍රමණයට සහාය දුන් කාලය සිහිපත් කරවයි.

දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධය නැවැත්වීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයක් අවශ්‍ය යැයි ඉඟිකරයි. ඔහු යුද්ධය ආරම්භ කළේය. ඔහු එය ආරම්භ කළේ, ඇමරිකාව සම්බන්ධවීමට පෙර කොළ එළිය ලබාදීම මගින් නෙතන්යාහුට හොරෙන්ම ඉරානයට පහරදීමට ඉඩ සලසමිනි. එය ඔහුගේ යුද්ධයක් නොවන බව පවසා ඊට ගෞරවය හිමිකර ගත්තේය. නමුත්, ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වන බව ඔහු කියා සිටියේය. ඔහුට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන්නට ඉඩ ඇත්තේ, ට්‍රම්ප් මෙම සතියේ හේග්හි පැවති නේටෝ රැස්වීමේදී හැඳින්වූ ලෙස, ඔහු “නේටෝවේ තාත්තා”(Nato’s Dady) නිසා විය හැකිය. මුළු සාකච්ඡා ක්‍රියාවලියම රැවටීමක් බව සහ ආරම්භයේ සිටම ඉරානයට පහර දීමට කුමන්ත්‍රණය කරමින් සිටි වංචාවක් විය. මන්ද යත්, ඇමරිකාව ප්‍රහාරයට පෙර රාත්‍රියේ හදිසියේම එහි සාකච්ඡා පිලිබඳ ස්ථාවරය මාරු කිරීමෙන් පසුව, සාකච්ඡා ආරම්භවීමට පෙරම නීති විරෝධී ප්‍රහාරයක් සිදු වූ ආකාරය අපට මතකය. කිසිදු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු ඊශ්‍රායලයට කතා නොකළ භාෂාවෙන් ප්‍රසිද්ධියේ කතාකර, ඉරානයේ තත්ත්වය නරක් කිරීමට නෙතන්යාහුට ඉඩ නොදෙන බව ඔහු පැවසීය.
ඉරානයේ න්‍යෂ්ටික පොහොසත් කිරීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම මකා දමා ඇති බවට ට්‍රම්ප්ගේ ප්‍රකාශය දිනක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුළඟේ ගියේ ය. ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් තුනට එල්ල කළ ඇමරිකානු මිලිටරි ප්‍රහාර මගින් ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ මූලික අංග විනාශ නොවීය. සීඑන්එන් සහ නිව්යෝර්ක් ටයිම්ස්හි ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු අනුව ඔවුන් පැවසුවේ, බංකර් බෝම්බ පිපිරීම තුළින් උමං මාර්ග වසා දැමූ නමුත්, සංකීර්ණයකට යටින් ඇති කුටිවලට පහර නොදුන් බවත් අධික ලෙස පොහොසත් යුරේනියම් කිලෝග්‍රෑම් 400 ක් නිරැපද්‍රිතව පවතින බවත්ය.
ට්‍රම්ප් යුද්ධයට විරුද්ධ බව මෙන්ම ප්‍රහාරයකට විරුද්ධ බව පැවසූ නමුත්, පසුදින ඔහු ප්‍රීතියෙන් එළියට පැමිණ මූලික වශයෙන් සියලුම ගෞරවය ලබා ගත්තේය. නමුත් ක්‍රමයෙන් දේවල් වෙනස් වීමට පටන් ගත් විට සහ රැල්ල ඉරානය දෙසට හැරීමට පටන් ගත් විට, නෙතන්යාහු වඩ වඩාත් අතරමංසහගත වන බවක් දකින්නට ලැබිණ. ඒ හේතුවෙන් ට්‍රම්ප් යුද්ධයට අවතීර්ණ විය. බටහිර බුද්ධි අංශවලට අනුව අසාර්ථක වූ ඇමරිකානු ප්‍රහාරයෙන් පසුව, නෙතන්යාහුගේ වාසනාව දිගටම පහළට යාමට පටන් ගත් අතර ඔහු වාචිකවම යුද්ධය නතර කරන්නට මැදිහත් වන ලෙස ඇමරිකාවෙන් අයැද සිටියහ. ඒ හේතුවෙන් ඇමරිකාව සමඟ බටහිර රටවල සාමූහික සහාය තුළින් ඊශ්‍රායලයේ පහරදීම සාධාරණයැයි පැවසීය. මැදපෙරදිග කලාපයේ, යේමනය හැර සෑම පාලන තන්ත්‍රයක්ම එක්කෝ බටහිර සමඟ සහයෝගයෙන් කටයුතු කළෝය. නැත්නම් කිසිවක් කළේ නැත. ඉරානය මෙම සන්ධානය පරාජය කළා යැයි පැවසීම නිවැරැදිය. අපි දුටුවේ, ඉරානය හමුදාමය පහරදීම් නතර කිරීමට පෙර සටන් විරාමයක් පිළිගෙන තිබුණේ නැති බවයි. ට්‍රම්ප් පිළිගත් පරිදි ඉරාන රෙජීමය විශාල ප්‍රහාරයක් එල්ල කළ බැවින්, බරපතළ කරදරයක සිටි නිසා ඊශ්‍රායලය බේරා ගැනීමට ඔහු මැදිහත්වීමට සිදුවිය.
ඊශ්‍රායල කැමැත්තට අභියෝග කරන පාලනයක් ලෙස, ඉරානයේ උපායමාර්ගික පැවැත්ම එහි මිසයිල බලයට වඩා වැදගත්ය. ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට එරෙහිව නැගී සිටීමට සහ සටන් කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන්නේ, ගාසාවේ පලස්තීන ජාතිකයන් යටත්වීමට කුසගින්නේ සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කර ඇති අධ්‍යාත්මයයි. 1979 වසරේ ඉරාන විප්ලවය ආරම්භයේ සිටම පලස්තීන ජනතාවට සහාය දීම සේ ම, වසර 10 කාලයක සිට යේමනය ජනතාවට සහාය දුන් එකම රට ඉරාන ජාතිකයන්ය. එය ඉරානයේ පාපයක් වී ඇත. න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරන, සියලුම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි චෝදනා ඉරානයට එල්ල වී ඇත්තේ, කලාපයේ ත්‍රස්තවාදයට උදව්වෙන න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙනි. මෙම සියලු චෝදනා බටහිරින් ගොතන ලද්දේ හුදෙක් ඊශ්‍රායලයට උදව් කිරීම සඳහා ය. ඉරානය කොන් කිරීමට සහ පලස්තීන ජනතාව යටත් කර ගැනීමට ඊශ්‍රායලයට උදව් කිරීමටය.
අධ්‍යාත්මික නායකයා මරාදමා, ඉරානයේ ඉරණම වෙනස්කර පාලනය වෙනස්කිරීමටද ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රසිද්ධියේ සැලසුම් කළහ.
1979ට පෙර රටේ සම්පත් කොල්ලකමින් ඉරානය පාලනය කළ ෂා පහ්ලවී පලා යන විට, ඩොලර් බිලියන ගණනක ඉරාන වත්කම් සොරකම් කළ දූෂිත ෂා පවුලේ, දූෂිත පුත්‍රයාට කිරුළු පැළඳීමට බටහිර මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියෝය. ඔහු ඉරානයට එරෙහි ඇමරිකාවට අයත්, ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය දක්වමින් සිටි පසුගිය දශක කිහිපය තුළ අරමුදල් සපයා ඉරානයට එරෙහි සම්බාධකවලට සහාය දී ඇති රූකඩයකි. ඔවුන් සියල්ලෝම ඉරානය පෙරළා දැමීමට ත්‍රස්තවාදයට සහාය දී ඇත. ඔවුන් සියල්ලෝම ඉරානයට එරෙහි යුද්ධයට සහාය දී ඇති අතර ඔවුන් සිතන්නේ සාමාන්‍ය ඉරාන ජාතිකයන් කවදා හෝ ඔවුන්ට සහාය දෙනු ඇතැයි වැනි පිස්සු ආකාරයටය. ඉරානය පරාජය කිරීමට පසුගිය වසර 45 තුළ බිලියන ගණනක් ඩොලර් නාස්ති කරමින් සිටී.
යුද්ධය හේතුවෙන් ඉරාන න්‍යෂ්ටික ශක්තියට සිදුවී ඇත්තේ කුමක්ද? දැන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන හොඳින් කරගෙන යනු ඇත්ද? බටහිර බුද්ධි අංශ සහ ඇමරිකානු බුද්ධි අංශම පවසන දේ පිළිගෙන, ඔවුන් පවසන පරිදි ඉරාන න්‍යෂ්ටික වැඩසටහන බොහෝ දුරට නොවෙනස්ව පවතින බවත්, එය සුළු වශයෙන් හානි වී මාස කිහිපයක් පසුපසට ගොස් ඇති බවත්ය. ඉරාන ඉංජිනේරුවන් සහ ඉරාන නායකත්වය කෙතරම් නවීනත්වයක් දරනවාදැයි පැහැදිලි වන කරුණ නම්, ඔවුන් තම ප්‍රධාන වත්කම් ආරක්ෂා කරගැනීමට සමත්වීමයි. ප්‍රහාරය තිබියදීත්, ඉරාන ඉස්ලාමීය ජනරජයට මෙතරම් ඉක්මනින් නැවත එකතුව වොෂින්ටනයේ ජනවාර්ගික ආධිපත්‍යවාදී පාලනය සහ එහි සහචරයින් පරාජය කිරීමට හැකි වූයේ කෙසේදැයි සොයාබැලිය යුතුය.

ට්‍රම්ප් සහ ඊශ්‍රායල පාලනයට ඇති වූ විශාල පරාජය නම්, ඉරාන පාර්ලිමේන්තුව ගත් තීරණය මත පදනම්ව, න්‍යෂ්ටික වත්කම්වල ආරක්ෂාව පිළිබඳව ඉරානය සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වනතුරු ‘ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට’(IAEA) ඉරානයට ඇතුළුවීමට ඉඩනොදෙන බවත්, එය සදහටම පැවතීමට හැකි බවත්ය. ඇමරිකාව හෝ ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික වත්කම්වලට බෝම්බ දැමිය හැකි බව ඉරානය විශ්වාස කරන තාක් කල්, ඉරානයට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැති තාක් කල් ඔවුන් මෙම පුද්ගලයින්ට ඇතුළුවීමට ඉඩ නොදෙන බව පැහැදිලිය. ඉරානයේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වන තුරු IAEA පරීක්ෂකයන්ට ඊට ඇතුළුවීමට නැවත කිසි දිනෙක ඉඩ නොලැබෙනු ඇත. මන්ද ඇමරිකාව හා බටහිර රටවල් ඉරානයට බෝම්බ හෙළීමට සහාය දුන් විට මෙන්, ඊශ්‍රායලය විසින් න්‍යෂ්ටික ස්ථානවලට පහර දුන් විට ඉන් වියහැකි විකිරණශීලී දූෂණයට සහ ව්‍යසනයකට තුඩුදිය හැකිය. එහෙත් බටහිර පාලනයන් සියල්ලෝම කියා සිටියේ ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බවයි. විහිළුව නම්, මුලින්ම පහරදුන්නේද ඊශ්‍රායලය වීමයි. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියෙහි ප්‍රධානියා ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනට එල්ල වන ප්‍රහාර හෙළා දැකීම ප්‍රතික්ෂේප කරන විට හා ඔහු ඉරාන න්‍යෂ්ථික රහස් බටහිරට ලබාදෙන බව රුසියානු විදේශ ඇමතිවරයා චෝදනා කරනවිට, ඉරානය ඔවුන්ට කිසිදා ඇතුළුවීමට ඉඩ නොදියයුතු බවට තීරණය කිරීම ස්වභාවිකය. මෙය ඇමෙරිකාවට විශාල පරාජයක් වූ අතර ඔවුන්ට තවදුරටත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට ප්‍රවේශයක් නොමැතිවීමකි. න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ තොරතුරු ලැබෙන මාර්ගද වැසීයනු ඇත.
ඊශ්‍රායලය මෙම පහරදීම සිදු කර කාන්තාවන් සහ ළමයින් ඝාතනය කළේ ය. ඉරාන ජාතික ගුවන් විදුලිය සහ රූපවාහිනියට බෝම්බ දැමූ විට එය තවත් කතාවකි. ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ ළමා වැඩසටහන් සඳහා කාන්තා ඉදිරිපත් කරන්නන්, බෝම්බ හෙළන විටත් නොසෙල්වී එහි රැඳීසිට තම වගකීම ඉටුකරනු අපි දුටුවෙමු. බටහිර මාධ්‍යවලට එය කිසි විටෙකත් නොපෙනිණ. ඔවුන් මෙම ඉරාන කාන්තාවන් වීරයන් ලෙස හඳුන්වන්නේ නැත. ඔවුන් වීරයන් ලෙස හඳුන්වන්නේ ආගමික හේතුවෙන් කාන්තාවන්ගේ මුහුණ වසාගත් රෙදි ගලවන්නට උත්සාහකරන, සමලිංගික ප්‍රශ්න වෙනුවෙන් පෙනීසිටින වැනි විශේෂ කාන්තාවන් වර්ගයක් පමණකි. ඒ අයට තම බටහිර රටවල ස්වාමිවරුන්ට කීකරුව සිටීමට හැකි නමුත්, ඉරාන ජාතිකයන් ලෙස ඔවුන්ට නැවත රටට ඇතුළුවීමට හෝ ක්‍රියාත්මකවීමට ඉඩ නොලැබෙනු ඇත.

පලස්තීන ගාසා තීරයේ ජන සංහාරය සිදු කරන විට, ලෙබනනයේ බේරූට්හී මහල් නිවාසවලට බෝම්බ හෙළන විට, නැවත බටහිර පවසන්නේ, ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බවයි. මේ තුළින් ඉරාන සමාජයේ වචනාර්ථයෙන් ලිබරල් සහ බටහිර නැඹුරු යැයි සැලකූ සහ බටහිර හිමිකාරීත්වය දරන පර්සියානු භාෂා මාධ්‍යවලින් එන ප්‍රචාරයන් බොහොමයක් විශ්වාස කළ කොටස් පවා, අද ඔවුන්ගේ ලෝක දැක්ම වෙනස් කර ඇත. ඉරානයේ බටහිර වෘතාන්තය බිඳීගොස් ඇත. කිසිවෙකු තවදුරටත් බටහිර විශ්වාස නොකරයි. බටහිර මාධ්‍ය, කාන්තාවන් සහ ළමයින් ඉලක්ක කරන ආකාරය මිනිසුන් දැක තිබේ. CNN සහ Fox News එක හා සමාන වන විට, CNN ට්‍රම්ප්ට විරුද්ධ වියහැකි නමුත්, ට්‍රම්ප් ඉරාන ජාතිකයන් මරා දමන විට, ඊශ්‍රායල සියොන්වාදීන් ඉරාන ජාතිකයන් මරා දමන විට, නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළුව ඔවුන් සියල්ලෝම එක හා සමානය. ඉරානයේ ඇමරිකානු බලපෑම එක්සත් ජාතීන්ගේ සංවිධානයටද විශාල ව්‍යසනයක් වී ඇත.
ඔවුන් ඉරාන ජනතාව එක්සත් කර ඇත. ඔවුන්ව අවදි කර ඇත. බටහිරයන් ඉරානය මත පටවන ලද විප්ලවය හෝ පැනවූ යුද්ධය නොදුටු තරුණ පරම්පරාවක් අද ඔවුන් අවදි කර ඇත. ඉදිරි මාසවලදී එය ඇමරිකාවට බොහෝ දුෂ්කර කරනු ඇත. ඊශ්‍රායලය ඉරානයට නැවත පහර දුන්නොත් එය පෙරට වඩා නරක අතට හැරෙනු ඇත. මන්ද, ඊශ්‍රායල ජාතිකයන් ඔවුන්ගේ හොඳම ආයුධ ලබා දුන් අතර ඊශ්‍රායලය සතුව බටහිරට වඩා බෙහෙවින් හොඳ තාක්‍ෂණය ඇති බව මතක තබා ගත යුතුය. දැන් ඉරාන ජාතිකයන් ඔවුන්ගේ දුර්වලතා සහ ඔවුන්ගේ සතුරාගේ ශක්තීන් ගැන ඉගෙන ගනිමින් සිටින අතර ඉරාන ජාතිකයන් ඊළඟ වටයට ඉක්මනින් සූදානම් වීමට නියමිතය. එබැවින් ඊශ්‍රායලය නැවත ඉරානයට පහර දීමට තරම් මෝඩ නම්, ඊළඟ වටය ඉරානයට පිළිමළුන් පිටුදැකීමේ පහරක් වනු ඇතැයි සිතිය හැකිය.
කිසිවෙකුට ජන සංහාරයක් සදහටම සැඟවිය නොහැක. මිනිසුන් අවදි වනු ඇත. සිදුවන්නේ කුමක්දැයි ඔවුන් දකිනු ඇත. ඔවුන් මාස 21 ක් තිස්සේ පැවති පලස්තීන භූමියේ යථාර්ථය දකිනු ඇත. ඔවුන් පලස්තීනයේ ජන සංහාරයක් සිදු කරමින් සිටි අතර පසුව ඔවුන් ඉරානය යක්ෂාවේශ කිරීමෙන් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කළහ. සියලුම බටහිර මාධ්‍ය ඉක්මනින්ම ඉරානයට පහරදෙන බව අපි දුටුවේ එනිසාය. ඉරානයට දශක හතරහමාරක් තිස්සේ පීඩනයක් තිබුණද, ඔවුන් ඇමෙරිකානු ඇම ගිල්ලේ නැත. ජනතාවද එය විශ්වාස කළේ නැත. ජනතාව ඉරානයට සහාය දීම දිගටම කරගෙන යන අතර ඇමෙරිකානු ආක්‍රමණයට විරුද්ධ වේ. බටහිරයන් ඉරානයට එරෙහිව කරන විකාර ඔවුන් තවදුරටත් විශ්වාස නොකරයි. නිකායවාදය, වර්ගවාදය සහ ආගමික වෛරය ප්‍රචාරය කිරීම සඳහා ඔවුන්ගේ මාධ්‍ය භාවිතා කරන අරාබි තෙල් හා ගෑස් පොහොසත් ඒකාධිපතියන්ට එරෙහිවීම මිස ඔවුන්ව තවදුරටත් විශ්වාස නොකරනු ඇත. එම වෙනසට කාලය ගතවනු ඇත. එම නිසා අපි ජීවත් වෙන්නේ ඉතා අඳුරු කාලවල සහ ඉතා භයානක කාලවල වුවත්, උමග අවසානයේ ආලෝකයක් තිබෙන බව ඉරාන ජනතාව විශ්වාස කරයි. අධිරාජ්‍යයේ ඉතිහාසය තේරුම් ගත් වැඩිහිටි අය විසින් මෙහෙයවනු ලබන ඉරාන තරුණයින් අවසානයේ එකිනෙකා සමඟ වඩාත් සුවපහසු ලෙස ජීවත් විය හැකි සහ නීතියේ ආධිපත්‍යයෙන් ආරක්ෂා විය හැකි තත්වයක් ඇතිකරගනු ඇත. හෙට උත්තරීතර නායකයාගෙන් හඬක් ඇසෙන්නේ නැද්ද කියා දන්නේ නැති නමුත්, ඔහු ඉරානය තුල දැන් හරිම ජනප්‍රියය. රට පුරා ජනතාව ඔහුගේ නායකත්වයට සහ ආරම්භයේ සිටම ඔහු තම ස්ථාවරයේ සිටිමින්, ජනතාවට මෙම යුද්ධය ජය ගන්නා බව පැවසූ ආකාරය ගැන බෙහෙවින් කෘතඥවේ.
ලොව පුරා ජනතාව දැන් ඔහු වෙත හැරෙමින් සිටිති. දශක ගණනාවක් තිස්සේ නිකායික, ජාතිවාදී සහ ආගමික වෛරය ඇති කිරීමට උත්සාහ කළද, මැදපෙරදිග කලාපය පුරා ජනතාව ඔහු දෙස බලන්නේ ඇමෙරිකානු අධිරාජ්‍යය පරාජය කළ පුද්ගලයා ලෙසය. කවුද පරාජය කළේ සියොන්වාදය? ඒ මැද පෙරදිග ප්‍රශ්නයයි. පලස්තීන ජනතාවට දිගටම සහයෝගය දක්වූ ඔහු අවසානයේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනය මෙන් ඊශ්‍රායල පාලනය පරාජය කරන තෙක් මෙම සටන දිගටම කරගෙන යනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වේ. අරාබිවරුන්ට හෝ ඉරාන ජාතිකයින්ට එක්රැස් කළහැකි කිසිදු බලවේගයකට ඊශ්‍රායල, බටහිර සහ ඇමරිකානු ඒකාබද්ධ නවතම පරම්පරාවේ අවි වලින් සන්නද්ධ ඊශ්‍රායලයට කිසිදා සම කළ නොහැක. ඊශ්‍රායලය 1948, 1967, 1973, 1978 සහ 1982 දී කළාක් මෙන් සටන් බිමේදී තම සතුරන් පරාජය කරනු ඇත. අරාබිවරුන්ට ඇති එකම විකල්පය වන්නේ ඊශ්‍රායලය එහි කොන්දේසි මත හඳුනා ගැනීමයි. දැන් ඊශ්‍රායලයේ සමස්ත ජනගහණයම තම බංකරවල තබා ගැනීමට කිසිදු පැකිළීමක් නැති නෙතන්යාහුගේ ඉරාන මකරා මරා දැමීම, ජීවිත කාලය පුරාම ඇති සිහිනයක් බව ඔප්පු වී තිබිය හැකිය. මෙම කලාපයේ සාමය සඳහා ඇති එකම මාර්ගය අවසානයේදී බටහිර සුපිරිවාදය අවසන් කිරීමයි.
