/ Mar 15, 2025

මහ රෑටත් ගිහින් පාස්පෝට් එක ගන්න ක්‍රමයක්!

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අද සිට 24/7 ක්‍රියාත්මක කෙරේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය අයගේ පහසුව සඳහා අද රාත්‍රියේ සිට පිටකොටුව සිට බත්තරමුල්ල දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බවද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී දිනකට විදේශ ගමන් බලපත්‍ර 4000ක් නිකුත් කරන බව සඳහන්.

ලබන මාසයේදී යාපනයේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top