සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් කාලගුණ තත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලද නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද සමහර ස්ථානවලට මිමි 75ට වැඩි තද වැසිද ඇතිවිය හැකි ය.
උතුරුමැද පළාත, මන්නාරම, හම්බන්තොට, මාතලේ යන දිස්ත්‍රික්කවලටද වැසි ස්වල්පයක් අපේක්ෂිතය.