ගමන් ගත් රථය අලියෙකුගේ ඇඟේ වැදීමෙන් සිදුවූ අනතුරකින් මිය ගිය ප්‍රවීණ නළු ජැක්සන් ඇනතනිගේ මරණය සම්බන්ධව පැවැති නඩුව අවසන් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
තුවාල ලැබූ ඇන්තනි අනතුරෙන් පසුව තුවාල ලබා දින 500කට වැඩි කාලයක් ප්‍රතිකාර ලැබුවද යථා තත්වයට නොපැමිණ මිය යාම හේතුවෙන් නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බව පොලිසිය වාර්තා කර ඇත.
එම වාර්තාව සැලකිල්ලට ගනිමින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය උක්ත නඩුකරය අවසන් කිරීමට නියෝග කර තිබේ.
2022 වසරේ ජුලි මස 2 වැනි දින රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදුවුණේ අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදීය. සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් අතරතුර නවාතැන වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවූ බව පසුව දැනගන්නට ලැබිණ.
අනතුරෙන් ජැක්සන් ඇන්තනිගේ සහෝදරයෙක් සහ ලේකම්වරයෙක්ද තුවාල ලැබූ අතර පසුව ඔවුන් සුවය ලැබූ බව කියැවේ.