/ Jun 13, 2025

ගාමීණී දිසානායක අත්හැරිය තනතුර ජගත් වීරසිංහට

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ පත් කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙම නව පත් කර ගැනීම සිදු කර ඇත.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top