/ Dec 06, 2025

තොණ්ඩමන්ගේ මගුල ඉන්දියාවේ ජයට ම : මනාලිය වෛද්‍යවරියක්! (PHOTOS)

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය දැරූ ආරුමුගම් තොණ්ඩමන්ගේ එකම පුතු වන එම පක්ෂයේ වත්මන් නායක නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ විවාහ මංගලෝත්සවය ඉන්දියාවේ ඉතා ඉහළින් පවත්වා ඇත.

චෙන්නායිහි පෞද්ගලික උත්සව ශාලාවක මංගල්‍යය සිදුව ඇත. මනාලිය ඉන්දීය දේශපාලන පසුබිමක් සහිත පවුලක සාමාජිකාවක් වන සීතායි ශ්‍රී නම් වෛද්‍යවරියකි.

මෙම උත්සවය සඳහා හිටපු ජනපති රනිල් සහ බිරිඳ මෙන්ම හිටපු අමාත්‍යවරුන් සහ ප්‍රභූන් රැසක් සහභාගි වී ඇතැයි පැවසේ.

ඉන්දීය මංගල්‍යය අවසන්ව මෙරටට පැමිණ කොළඹදී සහ නුවරඑළියේදී තවත් උත්සව දෙකක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top