හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ අනුව සැකකරුවන් ලබන 13වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.





