/ Jan 09, 2026

පොලීසියෙන් කට්ටි පැන්න ජොන්ස්ටන් FCID යේදී අත්අඩංගුවට!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබුණු අතර ඊට කණ්ඩායම් 05ක් යොදවා තිබුණු නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

කෙසේවෙතත් අද ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබුණු අතර ඒ අනුව අද ඔහු එහි පැමිණියේය.

මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන එළඹෙන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

එමෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල ද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top