සහෝදරයෙක් නොමැති තමන් මාධ්‍යවේදීන් සලකන්නේ සහෝදරයින් ලෙස බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (21) කළුතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් උදෙසා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ඇසිදියි පියවර මාධ්‍ය වැඩමුළුවේ ආරම්භක දේශනය කරමිනි.
තම මාධ්‍ය සොයුරන්ගේ කැපවීම සහ උන්නදුව ලෙන්ගතුකම මත තමන්ට මෙම අමාත්‍ය ධුර හිමි වූ බවද ඇමැතිවරයා කියා සිටියේ ය.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව, මාධ්‍ය නිදහස, මාධ්‍ය වෘත්තීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය කැපවන බමද ඔහු අවධාරණය කළේ ය.