/ Jun 18, 2025

ජ’පුර සරසවියේ නවක වදකයන් 6කට අත්වූ ඉරණම

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට සිසුන් පිරිසක් විසින් හෙල්මට්වලින් හා අතින් පයින් පහරදී තර්ජනය කිරීමක් සම්බන්ධව සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) දින අදාළ සැකකාර සිසුන්ව හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 22,23 හා 24 වයස්වල පසු වන කිරිඳිවැල, දෙල්ගොඩ, බුත්තල, කුලියාපිටිය හා කලන්කුට්ටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පසුගිය දා ( අප්‍රේල් මස 29) හෝමාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top