බුදු පිළිමයක් පොලීසියට වැඩම කළා සේ තව ටික දිනකින් ආණ්ඩුවේ ප්‍රින්ටින් මැෂින් එකත් පොලීසියට ගෙන යාමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ආණ්ඩුවේ පෙළපොත්වල මුද්‍රණය වේ දේ ගැන ආණ්ඩුව නොදන්නා තත්ත්වයක එවැනි ආණ්ඩුවක් ගැන ජනතාවගේ පැත්තෙන් තව කුමක් කල්පනා කළ යුතු දැයි තීරණය කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
”එක පැත්තකින් ආණ්ඩුව දන්නේ නෑ ආණ්ඩුවේ ප්‍රෙස් එකේ පොතේ ප්‍රින්ට් කරන්නේ මොකක්ද කියල. තව ටික දවසකින් බුදුපිළිමය වඩම්මාගෙන පොලීසියට ගියා වගේ ආණ්ඩුවට මේ විදිහට ගියොත් වෙන්නේ ප්‍රින්ටින් මැෂින් එක අරන් යන්න වෙනවා පොලීසියට. අමාත්‍යාංශයේ ලේකම් ගිහින් පැමිණිල්ල දානවා. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්න දාපු කමිටුවේ අය අයින් වෙනවා. හැබැයි කමිටුව පත්කරපු අගමැතිවරිය තාම ඉන්නවා. ආණ්ඩුව දන්නේ නැත්නම් ආණ්ඩුවේ පෙළපොත්වල ප්‍රින්ට් කරන එකේ තියෙන්නේ මොකක්ද කියල ඒ වගේ ආණ්ඩුවක් රටේ ජනතාවගේ පැත්තෙන් තව මොකක්ද කල්පනා කරන්න තියෙන්නේ. ආණ්ඩුවට සංස්කෘතිය, ආගම දහමක් නැතුව රට අයාලේ අරන් ගිහින් සමහර බටහිර රටවල අවශ්‍යතාව ඉටුකරගන්න ඕන විදිහට නම් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ එතනින් එහාට රටක ජනාධිපති කෙනෙක් අරන් ගියානේ හෙලිකොප්ටරයකින්. ඒක තමයි අපේ රටටත් වෙන්නේ ඔහොම ඉස්සරහට ගියොත්.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.





