/ Jan 23, 2026

මත් චෝදනාවකට තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිසෙකුත් අල්ලයි!

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජවිපෙ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙකු වන ටෝනි මොහොමඩ් නම් අයෙකි.

මත්ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ඇසුරුම් සකස් කිරීමට සහය දුන්නේ මොහුට අයත් මුද්‍රණාලයකින් බවට තොරතුරු හෙළිව ඇතැයි පැවසේ.

2020 වසරේදී කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජනබලවේගය වෙනුවෙන් අපේක්ෂකයෙකු ලෙසද මොහු ඉදිරිපත්ව සිට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top