දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණ තත්වය ඉදිරි දින කීපයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙතැයි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි අපේක්ෂිතයි.
ඒ් අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකය රටේ මහත් අවධානයට ලක් ව තිබේ.
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ ආපනශාලාවක් මතට විශාල ගල්කුලක් කඩා වැටීම නිසා මරණ 6ක් සිදුවී 4 දෙනෙකු තුවාල ලදහ.
කඩුගන්නාව නුවරට පිවිසෙන ප්‍රධානම මාර්ගය වන අතර එම මාර්ගය මේ වන විටත් වසා දමා තිබේ. මෙම මාර්ගය රැකගැනීම ප්‍රධාන කරුණක් වන්නේ, නුවරට පිවිසීමට ඇති පහසුම මග මෙය වන බැවිනි. දැනට කාලයක් තිස්සේ ප්‍රකාශ වන්නේ මෙම මාර්ගය ඇත්තේ අවදානම් තත්වයක බවයි.
කඩුගන්නාව මාර්ගය අවට බොහෝ කොන්ක්‍රීට් ඉදිකිරීම් අනවසර සහ දේශපාලන බලපෑමෙන් ඉදිකර ඇති ඒවා බව කියති. මේවා ඉදිකර ඇත්තේ ද නිසි පළාත් පාලන – භූ විද්‍යා – මාර්ග සංවර්ධන – පරිසර අනුමැතියකින් තොරව ය.
පහත දැක්වෙන්නේ අනතුරට පත් ගොඩනැගිල්ල ක්‍රමිකව ගොඩනැගූ අයුරුයි.



කෙසේ වෙතත්, මේ සියලු කරුණු හරහා සිදුවන්නේ උඩරටට ප්‍රවේශ වන මාර්ගය අනතුරට ලක් වීමයි. නැවත පිළිසකර කළ නොහැකි හෝ පිළිසකර කිරීමට කල් ගත්වන තාලේ අනතුරක් මාර්ගයට සිදු වුවහොත් එයින් ජාතික ආර්ථිකයට වන හානිය ඉමක් නැත.
මේ ගොඩනැගිලි ඉදි කරන පිරිස් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ජල උල්පත් අවහිර කර ඒවා සිය ගොඩනැගිලිවල පොකුණු බවට පත් කර ඇති බව පැවසේ. ජලබැස්ම අවිද්‍යාත්මකය. ගස් කැපීම, ගල් කැඩීමද සිදුවන්නේ කිසිදු සොයාබැලීමකින් තොරවයි.
මේ පිළිබඳ නිවැරදි තාක්ෂණික පාරිසරික ඇගයීමක් සිදු කර මෙම ප්‍රදේශය අධිසංවේදී පරිසර කලාපයක් ලෙස නම් කළ යුතු ය.
රජය වහා මේ පිළිබඳව මැදිහත්විය යුතු ය. නැතිනම් සිදුවන ඛේදවාචකය සිදුවූ එකට වඩා බරපතළ එකක් වනු ඇත.





