/ Oct 19, 2025

රැඳවියෙකුට අයිස් ගෙනිහින් දෙන්න ජේලර් 35000ක් ඉල්ලයි

ජේලර්වරයෙකුට රුපියල් 35000ක අල්ලසක් ලබා දී බන්ධනාගාරගතව සිටින තම සොයුරාට අයිස්, හෙරොයින් සහ ජංගම දුරකතනයක් ලබාදීමට පැමිණි බව කියන කාන්තාවක් කළුතර බන්ධනාගාර භාරයට ගෙන පොලිසියට භාර දී තිබේ.

හිරණ පදිංචි 43වියැති කතක් මෙලෙස පැමිණ සිටි අතර ඈ සතුව අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින් ග්‍රෑම් 17ක්, ජංගම දුරකතනයක් සහ බැටරි දෙකක් තබී ඇත. මේවා ලබා දීමට කළුතර බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙකු රුපියල් 35000ක අල්ලස් මුදලක් දුරකතන මගින් ඉල්ලා ඇතැයි ඇය පවසා ඇත.

සැකකාර ජේලර්වරයා සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top