සිරි දළඳා වන්දනාවට මහනුවර පැමිණි බැතිමතුන් විසින් බැහැර කරන ලද කසළ කළමණාකරණය කිරීම මේ වනවිට ගැටළුවක් වී ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි.
එහි නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහා කළේ, එලෙස පැමිණි බැතිමතුන් විසින් කසළ ටොන් 600ක් බැහැර කර ගොස් ඇති බවයි.
මෙම ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් එම ටොන් 600ක කසළ ප්‍රමාණයෙන් මිශ්‍ර කසළ දහනය කර විනාශ කිරීම සඳහා කොළඹට රැගෙන යාමට මේ වන විට තීරණය කර ඇති බව ඇය සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාව සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව පවසූ නාගරික කොමසාරිස්වරිය මෙම කටයුත්ත වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලයේ ද සහයෝගය ලබා ගැනීමට ද අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් පැවසීය.