/ Jan 23, 2026

ඊයේ දිනයේ වැඩිම වැස්ස මහනුවරට!

ඊයේ (28) දිනය තුළ වැඩිම වර්ෂාපතනය මහනුවරට ලැබී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහනුවර, නිල්ලඹේ ප්‍රදේශයට ඊයේ (28) දිනය තුළ මි.මී 431ක වාර්ෂාපතනයක් ලැබී ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ඩොතෙලෝයා වතුයාය මි.මී 277.8ක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පොක්කනායි ප්‍රදේශයට මි.මී 274ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල ප්‍රදේශයට මි.මී 266.2ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.

මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්දිවෙල ප්‍රදේශයට මි.මී 266.2ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

අනෙකුත් ප්‍රදේශ සඳහා ලැනුණු වර්ෂාපතනය මෙසේයි.

කුරුණෑගල දිස්ත්‍රික්කය

වල්පොලකන්ද – මි.මී 247.8
මහරච්චිමුල්ල – මි.මී 225
ලිහිණිවෙහෙර – මි.මී 213.8
දඹදෙණිය – මි.මී 184.6
වුඩා – මි.මී 183.4

කෑගල්ල දිස්ත්‍රික්කය

අරනායක – මි.මී 240.6
අලව්ව – මි.මී 236
කොටවැල්ල – මි.මී 228.8
වරකාපොළ – මි.මී215.8
ගලපිටමඩ – මි.මී 210.8
මොරොන්තොට – මි.මී 205.4
බෝයගම – මි.මී 192.8

නුවරඑළිය දිස්ත්‍රික්කය

වටවල – මි.මී 202.8

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top