/ Feb 14, 2026

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

”දිට්වා’ ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල මාර්ගයේ දුම්රිය ධාවනය අද (20) ආරම්භ විය.

ආපදා හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවිය.

ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව එහි මංගල ගමන සනිටුහන් කරමින් අද පෙ.ව. 8.ට Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ගමන් අරඹනු ලැබීය.

නුවරඑළිය හා ඇල්ල ප්‍රදේශයන්ට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉහළ තෝරාගැනීමක් ලෙස උඩරට දුම්රිය ගමන් සැලකෙන අතර, ඒ හේතුවෙන් මෙම මාර්ගයේ නවීකරණ කටයුතු කඩනම් කර තිබේ.

මෙම අවස්ථාව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top