ටී.එම්.වී.පී. පක්ෂයේ අම්පාර ප්‍රධාන සංවිධායක එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායකයෙක් වන ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් අද (06) රහස් පොලිස් අත්අඩංගුවට පත් විය. අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබුණේ, කරුණා අම්මාන් තමාගේ ගෝලයෙකු බවයි.
ඉනිය භාරතී එල්.ටී.ටී.ඊය ඛණ්ඩනය වූ සමයේ කරුණා සමග එක්ව ආ අයෙකි. පසුව ඔහු පිල්ලෙයාන් සමඟ එක්ව කටයුතු කළ බව පැවසේ.
පසුව 2015 වසරේ දී නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙසද පත්වූ අතර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.