/ Jul 28, 2025

කෙහෙළියගේ දුවත් අත්අඩංගුවට ?

තම ගිණුමට ලැබුණු සියලු මුදල් ලබාගත්තේ හිටපු අමාත්‍ය කෙහෙලියට රඹුක්වැල්ලගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් බව හිටපු ඇමැති කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ නිශාන්ත බණ්ඩාර නමැති අය ප්‍රකාශ කළ බව ඊයේ (26) අල්ලස් කොමිසම විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එහි පාස්පොත ඇතුළු සියලු දේ ඇමැති දියණිය පරිහරණය කර ඇති බවයි ඔහු කියා ඇත්තේ.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැති ලෙස කටයුතු කරද්දී (2021-2023) පුද්ගලික කාර්යමණ්ඩලයට 15ක් බඳවාගෙන ඔවුන්ට අදාළ වැටුප්, දීමනා සහ අතිකාල ලබා ගෙන රජයට රුපියල් ලක්ෂ 80ක පමණ පාඩුවක් සිදු කළ බවටයි චෝදනා නැගී තිබෙන්නේ.

කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මෙම සැකකරු, ස්වේච්ඡාවෙන් අල්ලස් කොමිසම වෙත ගොස් තොරතුරු පවසා ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැන්වීය. ඔහු ඉල්ලා සිටියේ තම සේවාදායකයා සැකකරුවෙකු ලෙස නොව සාක්ෂිකරුවෙක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙසයි. 

කෙසේ වෙතත්, ඔහු ජූනි 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ දියණියගේ ඍජු මැදිහත්වීමකට සාක්ෂි පෙනෙන බැවින් ඇයවද අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ආරංචිමාර්ග විශ්වාසය පළ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top