ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීමට ලබා දුන් ඖෂධවර්ගවල මාරාන්තික විෂ සහිත බැක්ටීරියා අඩංගුව තිබී ඇති බවත් ලුණුවතුර අඩංගුව තිබී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වාර්තාවක් ලබා දී ඇතැයි ඊයේ (19) අධිකරණයේදී හෙළිදව් විය.
ඒ බව කියා සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසිනි. ඇය තවදුරටත් කියා සිටියේ රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැති වගකිව යුතු බව කියා ඇති බවයි.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායූ රෝගීන් සඳහා භාවිතා කරන ඉමියුනෝග්ලොබින් ලබ නම් ප්‍රතිදේහ මෙසේ ව්‍යාජව සකස් කර ලබා දී රෝහල්වෙත බෙදාහැර රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ බව අනාවරණය විය.