/ Jun 09, 2025

මළගෙදරක ගිය පුද්ගලයෙකු මගමඟ දී එළොව යවලා

අවමංගල්‍ය උත්සවයක දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී කාලයේ දී සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තිබුණි. පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් වූ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ සැකකරු අතර කලක සිට තිබූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top