අනතුරකින් පසු රෝහලට ගෙනැවිත් තිබූ අයෙකුගේ මළසිරුරක් ඔහුගේ ඥාති හිතවතුන් විසින් බලෙන් පැහරගෙන ගිය පුවතක් බණ්ඩාරගම පෙදෙසින් වාර්තා වෙයි.
බණ්ඩාරගම-කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බණ්ඩාරගම දිසා රෝහලට ගෙනවිත් තිබු අතර එක් අයෙකු රැගෙන එනවිටත් මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.
ඒ අතර රෝහලට කඩා පිනූ මිය ගිය අයගේ ඥාති හිතවතුන් 15ක පමණ පිරිසක් රෝහලටද පහර දී සේවක මණ්ඩලයට ද බැණ වැදී අදාළ මළසිරුර බලහත්කාරයෙන් ලොරියක පටවාගෙන පිටව ගොස් තිබේ.
මෙම පිරිස බහුතරයක් දෙනා අධික බීමතින් සිටි බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. කෙසේ වෙතත් පිරිස එම මළසිරුර පානදුර රෝහල වෙත ගෙන ගොස් තිබේ.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.