/ Jul 05, 2025

කුරුවිට කැළඹූ යෞවනියගේ ඝාතනය: සැකකරු සිදුවීම හෙළි කරයි

පසුගිය 2 වැනි දා කුරුවිට ප්‍රදේශයේ තරුණියක් ඝාතනය වීම මහත් ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. ශානිකා මධුශානි නම් 26 හැවිරිදි අවිවාහක තරුණියක් සිය නිවසට ගමන් ගන්නා මාර්ගයේ දී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණි.

ඇගේ රන්මාලය සහ දුරකතනය ද ගමන්බෑගයද අතුරුදන්ව තිබු බැවින් මෙය සොරකම් සඳහා සිදුවුණු ඝාතනයක් බව මුලදී සැකයක් ඇති විය.

කෙසේ වෙතත්, පොලිස් විමර්ශනයේදී නිල සුනඛයා අපරාධ ස්ථානය අසල රැස්ව සිටි පිරිස අතර සිටි තරුණයෙකු වෙත ගොස් නතර වූ අතර, ඔහු සැකකටයුතු ලෙස හැසිරීමේදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ජනතාව දැඩි කලහකාරී ලෙස හැසිරුණු අතර තරුණයා ඔවුන්ගෙන් මුදා ගැනීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දරන්නට සිදු වූ අතර අහසට වෙඩි තැබීමක්ද සිදු විය.

පොලිසියට රැගෙන ගිය තරුණයා, පොලිසිය වෙත පාපෝච්ඡාරණයක් සිදු කළ බව පොලිසිය පවසයි. එහිදී තරුණයා පවසා ඇත්තේ, තමන් මෙම තරුණියට කැමැත්තෙන් පසුවුවත් ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා මෙම අපරාධය සිදු කළ බවයි. උක්ත දිනයේදී ඔහු වැඩ ඇරී එන මධුශානිගෙන් නැවත මෙම ඉල්ලීම කළද ඇය එය ප්‍රතික්ෂේප කළ බවත්, පසුව ඇය කැලයට තල්ලු කරගත් විට ඇය දැඩි විරෝධය පා ඔහුට පහර දුන් බවත් පවසා තිබේ. ඇය කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කළ තරුණියක බවද සඳහන්.

කලවානේ සිය ලොකු අම්මාගේ නිවසට ගොස් රත්නපුර හරහා පැමිණීමේදී අත්වැසුම් යුගලයක් සහ බ්ලේඩයක් රැගෙන ආ බවත් එයින ඇගේ ගෙල කැපූ බවත් ඔහු තවදුරටත් පවසා ඇති අතර තරුණියට අයත් රන්මාලය සහ අනෙක් බඩුබාහිරාදිය ඔහුගේ තොරතුරු අනුව සොයාගෙන ඇතැයි සඳහන්.

ඝාතනයට ලක් වූ තරුණිය නිවසන ස්ථානයට නුදුරින් පිහිටි වත්තක සේවය කරන 17 වියැති තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top