/ May 22, 2025

පා.ම ලක්මාලි හේමචන්ද්‍රට අලුත් තනතුරක්

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පත්ව ඇත.

එම කාරක සභාවේ මංගල අද (22) රැස්වීම පාර්ලිමේන්තුවේ දී රැස් වූ අතර එම අවස්ථාවේ ඇය එම තනතුර සඳහා තේරී පත්විය.

මන්ත්‍රී විජේසිරි බස්නායක විසින් ලක්මාලි හේමචන්ද්‍රගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිර කර ඇත.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අය ද මෙම රැස්වීමට සහභාගි වූ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top