කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත ඇත්ත කතා කරන මිනිහෙක් බව සමඟි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනපතිවරයාගේ වැඩපිළිවෙල මෙම රජයද ඉදිරියට ගෙන යන බව ලාල්කාන්ත ඇමැතිවරයා පවසා ඇතත් ආණ්ඩුවේ අනෙක් අය එය පිළිගන්නේ නැති බවද ඔහු කියා සිටී.
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙල අවසන් වූ පසු ඉදිරියට යෑමට මෙම රජයට කිසිදු වැඩපිළිවෙලක් නැති බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු අවධාරණය කළේය.