2011 වර්ෂයේදී යාපනයේ දී අතුරුදන් වූ දේශපාලන සහ සිවිල් ක්‍රියාධරයන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් දෙදනා සම්බන්ධයෙන් නැවත විමර්ශන කිරීමට රහස් පොලිසිය කටයුතු අරඹා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
2011 වසරේ දෙසැම්බර් මස 09 අතුරුදන් වූ මේ දෙදනා සම්බන්ධ නඩුවක 2014 වර්ෂයේ කැඳවා ඇතද නඩුව බහා තැබීමට අධිකරණය නියෝග කර ඇත්තේ විමර්ශන ප්‍රගතියක් නොවූ නිසා ය. කෙසේ වෙතත් පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයා විසින් උක්ත විමර්ශනය නැවත ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යවරයා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම නඩුව ප්‍රකට වූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් මේ සම්බන්ධ සාක්ෂි විමසීමට නියෝග කළ අවස්ථාවේ ඔහු යාපනය වෙත යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.





