/ Dec 06, 2025

Update කඩුගන්නාවේ පස් කඳු කඩා වැටීම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට!

අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබුණ අතර එම අනතුරින් පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර සුන්බුන් අතර සිරවී සිටි සිව් දෙනෙකුද බේරා ගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.

එම වෙළෙඳ සැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බව ද වාර්තා වෙයි.

මෙම පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top