ඉන්දුනීසියාවේ, ජාවා දූපතට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නාය යෑමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දින කිහිපයක් පුර පැවති වැසි තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර නිවාස විශාල ප්‍රමානයකට හානි සිදුව ඇති බව සඳහන්.
අතුරුදන්වූවන් සෙවීම සඳහා එරට ජාතික ආපදා කළමණාකරණ ඒජන්සිය විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති අතර නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශයේ නිවාස 28 ක පදිංචිකරුවන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවද ඉන්දුනීසියානු බලධාරීන් පවසා තිබේ.
ආපදාවට පත්වූවන් මුදාගැනීමේ කටයුතු සඳහා ගලවා ගැනීමේ නිලධාරීන් 200 ක් යොදවා ඇති බවද දැක්වෙයි.
ඔක්තෝබර් සිට මාර්තු දක්වා අධික සෘතුමය වර්ෂාව නිසා කඳුකර ප්‍රදේශවල හෝ සාරවත් ගංවතුර තැනිතලා අසල මිලියන ගණනක් ජනතාව ජීවත් වන දූපත් 17,000 කින් යුත් දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ නිතර ගංවතුර සහ නායයෑම් ඇති වෙයි.
පසුගිය ජනවාරි මාසයේදී මධ්‍යම ජාවා පළාතේ ඇති වූ ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පදිංචිකරුවන් 20 කට වැඩි පිරිසක් ගසාගෙන ගොස් මිය ගොස් තිබුණි.





