/ Dec 29, 2025

බදුල්ල රටට අහිමි වේ ද? 68%ක් නාය අවදානමක – NBRO

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%කට ආසන්න ප්‍රමාණයක් කුමක් හෝ නාය අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා පවසන්නේ, අයහපත් කාලගුණය පැවති කාලසීමාවේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන නායයෑම් 368ක් වාර්තා වූ බවයි.

ඒ හේතුවෙන් අධි අවධානම් නිවාස ඒකක 650ක් දළ වශයෙන් මේ වනවිට හඳුනාගෙන ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා ය. ඒ අනුව වර්ග කිලෝමීටර් 3000ක පමණ පුරා විහිද තිබෙන ජනගහණය මිලියනයකට ආසන්න ප්‍රමාණයක් දිවි ගෙවන බදුල්ල දිස්ත්‍රික්කය අවදානමක තිබෙන බව පෙනී යයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top