ආර්ථික අර්බුදයක් ඇතිවෙමින් පවත්නා විජය පුවත්පත් සමාගම සිය සමාගමේ තවත් පුවත්පත් තුනක් වසා දැමීමට සැරසෙන බව වාර්තා වේ.
එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ “අද” සහ “දේශය” පුවත්පත් දෙක පසුගිය දා නවතා දැමුණේ ආර්ථික අර්බුදය නිසාවෙනි. ඒ අතර එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන තවත් පුවත්පත් තුනක් වසා දැමීමට කටයුතු කෙරෙන බව දැනගන්නට ඇත.
විශේෂයෙන් සෑහෙන දිගු ඉතිහාසයක් හිමි කාන්තා පුවත්පතක් වන “සිරිකත” පුවත්පත වෙත යොදන මැදිහත්වීම සහ එයින් ලැබෙන දේ සෑහීමකට පත්වීමට නොහැකි බැවින් එයද වසා දැමීමට යෝජිතව ඇතැයි කියැවේ.