/ May 31, 2025

කැළඹුණු කාලගුණය පවුල් 485කට පීඩා කරලා

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 9කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුවී ඇති බවයි.

ඒ අනුව නිවාස 3කට පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති බවත් තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවත් සඳහන්.

මේ අතර ඊයේ රාත්‍රී කාලය ඇතිවූ දැඩි සුළඟින් සහ වැස්ස හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑම් එල්ලවී තිබූ අතර මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top