මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබා දී ඇති තීන්දුව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවකැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර ඇති හමුදා බුද්ධි නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු නිදහස් කිරීමට පවතින හැකියාව පිළිබඳව නීතිපතිවරයා විසින් ඉකුත් ජනවාරි 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් මඟින් සිය නීතිමය මතය ලබා දී තිබුණි.
කෙසේ වෙතත් අදාළ තීන්දුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවයි ඔහු දැනුම් දෙන්නේ.