පසුගිය වසරක කාලය තුළ ඉතා හොඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පැවතීම නිසා රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකි වූ අතර එළඹෙන වසර තුළ වැඩි වැඩියෙන් ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙමින් මැදි කාලීනව 5%ක සහ දිගු කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන් රජය ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යා මහාචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
ගෙවුණු වසරක කාලය තුළ භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන ඉලක්ක අභිබවා ජයග්‍රහණය කිරීමට හැකිවූ හෙයින් ජනතාවට අතිරේක බදු බරක් පැටවීමේ අවශ්‍යතාවක් නොවුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ප්‍රධාන කොටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ඉලක්ක අභිබවා ආදායම් ඉපයීමට හැකි වූ බව පන්නිලගේ මහතා කියාසිටියි.
ඒ අනුව දේශීය වශයෙන් ශක්තිමත් වීමත්, සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත්, ආදායම් වැඩිකරගැනීමත් රජයක් ලෙස සාර්ථකව සිදුකළ බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම ඩොලර් බිලියනයකට ආසන්න විදේශ ආයෝජන කැඳවා ගැනීමටද හැකි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථික ක්‍රියාවලියට බලපෑමක් වුවද ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ජනතාවට අනවශ්‍ය බදු පටවිමකින් තොරව විශාල සහන ප්‍රමාණයක් ලබා දීමටද හැකි වූ බව ද හෙතෙම කියාසිටියි.





