වසරේ පළමු භාගයේදී ප්‍රධාන ඇතුළත් නොවන සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,321.7 දක්වා 24.8%ක වර්ධනයක් ලබා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අනාවරණය කරයි.
2024 පළමු භාගයේ රු. බි. 1,860.6ක ආදායමට සාපේක්ෂව මෙම වර්ධනය සිදුවී ඇති අතර, බදු ආදායම මූලික දායකත්වය ලබාදී ඇත.
එහිදී, බදු ආදායම 2024 රු. බි. 1,709.3කට සාපේක්ෂව රු. බි. 2,151.1 දක්වා 25.9%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
මෝටර් රථ නිෂ්පාදන බදු (335.6%කින් රු. බි. 99.5ක වර්ධනයක්), එකතු කළ අගය මත බදු (27.6%කින් රු. බි. 170.4ක වර්ධනයක්), රේගු ආනයන බදු (92.7%කින් රු. බි. 45.2ක වර්ධනයක්), ආදායම් බදු (9.2%කින් රු. බි. 41.3ක වර්ධනයක්), වෙළෙඳ භාණ්ඩ බදු (70.5%කින් රු. බි. 32.1ක වර්ධනයක්), සමාජ ආරක්ෂණ බදු (17.7%කින් රු. බි. 22.3ක වර්ධනයක්), පෙට්‍රෝලියම් නිෂ්පාදන බදු (15.5%කින් රු. බි. 15.0ක වර්ධනයක්), සුරාබදු (9.2%කින් රු. බි. 9.1ක වර්ධනයක්) සහ සෙස් බදු (9.3%කින් රු. බි. 3.5ක වර්ධනයක්) වැනි කරුණු මෙම වර්ධනයට හේතු වී ඇත.
මෙම ආදායම් වර්ධනය රජයේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කරයි.





