/ Dec 17, 2025

නාය යෑම් තවමත් සිදුවෙද්දී ආපදාවන්හි නවතම තත්ත්වය!

පැවති අහයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවූ ආපදා මරණ 639ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර වැඩිම මරණ වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එහි මරණ ගණන 234ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර තවත් පුද්ගලයින් 203ක් අතුරුදහන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

නිවාස 5350ක් සම්පූර්ණයෙන් හානි වී තිබෙන අතර වැඩිම නිවාස හානි 1568ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මේ වන විට පවත්වාගෙන යනු ලබන සුරක්ෂිත මධ්‍යස්ථාන 878ක් දක්වා අඩු වී තිබේ.

බලපෑමට ලක්වූ පවුල් ගණන 529,741කි. බලපෑමට ලක්වූ පුද්ගලයින් ගණන 1,824,771ක් ලෙස දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top