තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (16) ප.ව. 04.00ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (17) පෙ.ව. 08.30 සිට අනිද්දා (18) දින පෙ.ව. 8.30 දක්වා වලංගු වන පරිදි එම නිවේනදය නිකුත් කර ඇත.
නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සැලකිලිමත් වන ලෙසයි එම නිවේදනයෙන් දක්වා ඇත්තේ.
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ ප්‍රබල අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර මේ වන විට භූමියේ පවතින තත්ත්වය සහ ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මින් පෙර නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව මින් පෙර නිකුත් කර තිබූ රතු නිවේදන ඉවත් කර අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා ඇත.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පූජාපිටිය, උඩපළාත, කුන්ඩසාලේ, ගඟවට කෝරළය, දෙල්තොට, මැදදුම්බර, මිනිපේ, පන්විල, දොළුව, යටිනුවර, හාරිස්පත්තුව, අකුරණ, පාතදුම්බර, තුම්පනේ, හාරිස්පත්තුව, පස්බාගේ කොරළය, උඩනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟරක්කෙත, වලපනේ, මතුරට, නිට්ටඹුව, යන දිස්ත්‍රික්ක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, කන්දෙකැටිය, පස්සර, සොරණාතොට, ඇල්ල, වැලිමඩ, ලුණුගල, බදුල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, පොල්ගහවෙල, මාවතගම, අලව්ව, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කෝරළය, නෝර්වුඩ් සහ තලවකැලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා ඇත.




