ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4330කි.
එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,742 ක් ලෙස දැක්වෙයි.





