ඊයේ (13) අකුරේගොඩ සුපිරි වෙළඳසැලක් අසලදී නීතිඥවයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරනු ලැබූ අතර මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලා යන අයුරු ආරක්ෂක කැමරවල සටහන් වී තිබේ.
පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවය.
එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු ලොකු පැටී නම් අපරාධකරුට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
කෙසේ වෙතත් බෙලරූස් රාජ්‍යයේ සිට අත්අඩංගුවට ගෙනා ලොකු පැටී නමැති අය මේ වන විට සිටින්නේ ආරක්ෂක අංශ භාරයේ ය.
මෙවැනි ප්‍රහාර නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.





