නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එවැනි කටයුත්තක් සිදුකිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය..
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්ය අමාත්‍යවරයා මේ බව පැවසීය.





