/ Aug 06, 2025

අනාගතය අඳුරු වෙයි, සමාව ගන්න දෙන්න : වෛද්‍ය මහේෂිගේ දියණිය

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන කළ බවට වන සිද්ධියට අදාළ විමර්ශනයකදී දැනට ඇප මත මුදාහැර සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය කොන්දේසි විරහිතව සමාව ගැනීමට සූදානම් බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

සමාව ගැනීමෙන් නොනැවතී ඒ බව දැන්වීම් පළ කිරීමටද සූදානම් බව සිය නීතිඥයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී ඇති ඇය මෙම විමර්ශනය සමථයකට පත් කර සිය අනාගතය සකස් කර ගැනීමට ඉඩ දෙන්නැයි ඉල්ලා ඇත.

කොන්දේසි විරහිත සමාවක් ගැනීමට සූදානම් බවත්, වරද පිළිගැනීමට හැකියාවක් නැති බවත් අධිකරණයට දැන්වූ ජනපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කියා සිටියේ , සිය සේවාදායිකාව වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකට යාමට නියමිත බැවින් එයට පෙර මෙම සිද්ධිය සමථයකට පත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටින බවයි.

21 හැවිරිදි සැකකාරිය ලබන අගෝස්තු 13 වැනිදා බ්‍රිතාන්‍ය බලා නොගියහොත් ඇගේ අනාගතය අඳුරු විය හැකි බවයි ජනපති නීතිඥවරයා කියා සිටියේ.

කරුණු සලකා බැලූ අධිකරණය සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරනවාද, නැත්නම් සැකකාර පාර්ශ්වය ඉල්ලා සිටින කොන්දේසි මත නඩුව සමථයකට පත් කරනවා යන ස්ථාවරය ලබන 07 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top