/ Feb 06, 2026

එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනගමු – විපක්ෂ නායක

එකට එකතු වී නිදහස ලබාගත් ආකාරයට එකට එකතු වී රට ගොඩනැඟිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

78 වෙනි නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් එක්කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ, ගෙවී ගිය වසර 78ක කාලසීමාව තුළ ජයග්‍රහණ රැසක් මෙන්ම පසුබෑම් රැසක්ම හඳුනාගැනීමට හැකි වී ඇති බවයි.

ඒවා පිළිබඳ වටහා ගනිමින් කටයුතු කිරීම යහපත් අනාගතයකට පදනමක් සැකසීමට හේතු වන බව වටහා ගතයුතු බව හෙතෙම සඳහන් කරයි.

78 වන නිදහස් සැමරුමේදී බුද්ධිමත්ව හා විමර්ශනශීලීව රටේ අභියෝග හඳුනාගැනීම වැදගත් බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top