2022 අරගල සමයේ විරෝධතාවන්ට සම්බන්ධ පුද්ගලයන් 3882කට විවිධ නීති මගින් චෝදනා එල්ල වී ඇති බවත් පීඩාවට පත් වූවන්ට යුක්තිය අවැසි බවත් කියමින් ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
සිවිල් සමාජ නියෝජිතයන් සහ නීතිඥයන්විසින් අත්සන් කරන ලද මෙම ලිපියෙන් දක්වා ඇත්තේ විරෝධතා අතරතුර පුද්ගලයන් 11කට දිවි අහිමි වුවත් වන්දි ලබා දී ඇත්තේ තෝරාගත් පවුල් කිහිපයකට පමණක් බවයි. ඉතිරි පවුල්වල පිරිස් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවත් ප්‍රමාණවත් සාධාරණයක් ඉටුව නැති බවත් එහි තවදුරටත් සඳහන් වේ
විරෝධතා සම්බන්ධ පරීක්ෂණ 709ක් සිදු කර ඇති බවත් එමගින් පුද්ගලයන් දහස් ගණනක් අත්අඩංගුවට ගත් බවත් එහි දැක්වේ.
Lankatimes අපිද පසුගිය දා රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ පවුල අද පත්ව ඇති තත්වය හෙළි කළෙමු. අවම තරමින් රජයේ සහනාධාරය වන අස්වැසුම පවා එම පවුලට නොලැබෙන බව එහිදී අනාවරණය කළෙමු.
අරගලය මතින් බලයට ආවද අරගලය කෙරෙහි මෙම රජය මේ වන තෙක් කිසිදු යුක්තියක් ඉටු කර නැති බව නැවතත් කිව යුතු ය.