වැඩතහනමට ලක්ව ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (2) කරුණු වාර්තා කළේය.
ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන ඇති බව සඳහන්.
දේශබන්දු තෙන්නකෝන් ඝාතනය සඳහා කංජිපානි විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.