ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවා ඇත්තේ උත්සන්න වෙන විරෝධතා හේතුවෙනි.

මෙම විරෝධතා පැවැත්වෙන්නේ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ගෙන එන ලද ආගමන විගමන නීති හේතුවෙනි. ලොස් ඇන්ජලීස් හි ආගමන හා රේගු බලාත්මක කිරීමේ මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් දින කිහිපයක් තිස්සේ විරෝධතා පැවැත්වුණු අතර ඒවා මර්දනය සඳහා මැරීන් භටයන් 700ක් යොදවා ඇතැයි වාර්තා විය.

කෙසේ වෙතත්, විරෝධතා මර්දනයට ට්‍රම්ප් පාලනය විසින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි චෝදනා එල්ල වේ. සාමකාමී විරෝධතාවලට එල්ල වූ ප්‍රතිචාරය ප්‍රචණ්ඩ බවයි දැක්වෙන්නේ.
ඒ අතර ජාතික ආරක්ෂක භටයන් 4000ක්ද කැරලි මර්දනයට යොදවා ඇතැයි කියැවේ. සංක්‍රමණික විරෝධතා දැඩිව උත්සන්න වී ඇති අතර, කොල්ලකෑම් ආදියද වාර්තා වේ.

මේ වන විට 200කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇත.