පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හිස්බුල්ලා රත්රන් ජාවාරම්කරුවන් පිරිසකට හසුවී ආසන්න වශයෙන් රුපියල් කෝටි 60ක මුදලක් අහිමි කරගත් පුවතක් වාර්තා වේ.
මෙය 2023 වසරේ සිදුව ඇතැයි කියති. ඝානා රටෙහි පිරිසක් විසින් රත්රන් තොගයක් ලබා දෙන බව පවසා මෙලෙස වංචා කර ඇති අතර මේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරට අධිකරණයක් විසින් ඇප නියම කර තිබේ.
මොවුන් රන් විකිණීමේ මුවාවෙන් මුදල් වංචා කරන පිරිසක් බව හෙළිව ඇතැයි එරට ආරක්ෂක අංශ අධිකරණය හමුවේ කියා ඇත.
සැකකරුවන් හිස්බුල්ලා සම්බන්ධ කරගෙන රත්රන් ලබා දෙන බව පවසා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් කිසිවක් ලබා නොදී මුදල් වංචා කළ බවට නිල පැමිණිල්ලක් කර ඇති බැවින් එරට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී තිබේ.
නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් වසර 20 ක පමණ කාලයක් පුරා දේශපාලනයේ යෙදෙන හිස්බුල්ලා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකි.
ඔහු ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහු සතු සමස්ත වත්කම් කෝටි 2කට ආසන්නය. රන් ජාවාරමට හසු වූ නිසා මෙලෙස ඔහුගේ වත්කම් පහළ ගියා විය යුතු ය.





