හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නැවත කොළඹ පදිංචියට ඒමට සූදානමින් සිටින බව වාර්තා වේ. ඔහු පදිංචිව සිටි විජේරාම නිවස රජයට යළි භාර දීමෙන් පසු තංගල්ල කාල්ටන් නිවස වෙත පසුගිය සමයේ ඔහු ආපසු ගියේ ය.
කෙසේ වෙතත්, රාජපක්ෂ පවුල සහ පොදුජන පෙරමුණ විසින් පසුගිය සමයේ හිටපු ජනපතිවරයාට ගැලපෙන නිවසක් සොයමින් සිටින බව පුවත් පළ විය.
මේ වන විට එසේ සුදුසු නිවසක් ලැබී ඇති බව වාර්තා වන අතර හිටපු ජනපතිවරයාගේ ප්‍රතිකාර කටයුතුවලට පහසු බැවින් සහ දේශපාලන කටයුතුවලට පහසු බැවින් නැවත කොළඹ පදිංචියට නුදුරේම පැමිණෙන බව පැවසේ.





