/ Aug 06, 2025

විජේරාමෙට වඩා මැදමුලන හොඳයි: මහින්ද කියයි!

ඊයේ (05) පස්වරුවේ කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය ඇමැතූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, වත්මන් ආණ්ඩුව පලිගැනීම පිණිස සිය වරප්‍රසාද කප්පාදු කරන බවයි.

“අපිට තිබුණේ ජනතාව දුන්න වරප්‍රසාද ඊට වඩා ලොකු දෙයක් නැහැ අපිට. ඒක තිබෙන තාක්කල් ඕනේ වරප්‍රසාදයක් ඉවත් කළාට ප්‍රශ්නයක් නැහැ.”

යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, වැඩිදුරටත් කියා සිටියේ තමන්ට විජේරාම නිවසට වඩා මැදමුලන හොඳ බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින්, හිටපු ජනාධිපතිවරුන්ට හිමි වන වරප්‍රසාද කප්පාදු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කෙරෙන පනත් කෙටුම්පත මේ වන විට ගැසට් කර තිබේ.

මෙම ක්‍රියාමාර්ගයේ මූලික අරමුණ වන්නේ මහජන මුදල් වඩාත් විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම සහ රාජ්‍ය වියදම් අවම කිරීම බව රජය ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top